GOLDEN NOTES - SET 1



Golden Note 1 :    SPECIAL USES OF ‘AM+ING’

  1. මම ටීවී බලබල ඉන්නේ. – I’m watching TV.
  2. මම ගෙදරට පයින් යමින් ඉන්නේ. – I’m walking home.
  3. මම නිල ඇඳුම ඇඳගෙන ඉන්නේ. – I’m wearing the uniform.
  4. මම ඔහුගේ අත අල්ලාගෙන ඉන්නේ. – I’m holding his hand.
  5. මම මේ දවස්වල ඉංග්‍රීසි පන්තියකට සාභාගීවෙනවා. – I’m attending an English class.
  6. මම මේ දවස්වල පරිගණක පාඨමාලාවක් හදාරනවා. – I’m following a computer course at the moment.
  7. මම අද මහන්සියෙන් වැඩකරනවා. – I’m working hard today.
  8. මම මේ සතියේ වැඩට යන්නේ කෝච්චියෙන්. – I’m going to work by train this week.
  9. මම හෙට එනවා. – I’m coming tomorrow.
  10. මම අද රෑට ඔයාගේ ලියුම කියවනවා. – I’m reading your letter tonight.
  11. මම හැමදාම මහත්වෙනවා. – I’m putting on weight every day.
  12. මම දවසින් දවස කෙට්ටු වෙනවා. – I’m losing weight day by day.
  13. මම හැමවෙලේම මගේ යතුර නැතිකරගන්නවා. – I’m always losing my key.
  14. මම හැමවෙලේම මේ අත්වැරැද්ද කරනවා. – I’m always making this mistake.


Golden Note 2 :    PLURAL SUBJECTS - බහුවචන උක්තයන්

  1. I - මම
  2. We - අපි
  3. You - ඔයා / ඔයාලා
  4. They - ඔවුන් / උන් / ඒවා
  5. You two - ඔයාලා දෙන්නා
  6. You both - ඔයාලා දෙන්නම
  7. You all - ඔයාලා ඔක්කොම
  8. You guys - ඔයාලා
  9. My parents - මගේ දෙමාපියන්
  10. Nimal and Saman - නිමළුයි සමනුයි
  11. Two of them - ඔවුන්ගෙන් දෙන්නෙක්
  12. The principal or the teachers - විදුහල්පති වරයා හරි ගුරුවරු ටික හරි
  13. How many people - කීදෙනෙක්ද
  14. How many of them - ඔවුන්ගෙන් කීදෙනෙක්ද
  15. My family - මගේ පවුල/පවුලේ අය
  16. The police - පොලීසිය
  17. The army - හමුදාව


Example Sentences

  1. I enjoy working in the garden. - මම සතුටුවෙනවා වත්තේ වැඩකිරීමෙන්.
  2. We allow foreigners to start business. - අපි ඉඩදෙනවා විදේශිකයින්ට ව්‍යාපාර පටන්ගන්න.
  3. You remember everything. - ඔයාට හැමදෙයක්ම මතකයි.
  4. You are here to learn English. - ඔයාලා මෙතන ඉන්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න.
  5. They affect our life. - ඒවා බලපානවා අපේ ජීවිතයට.
  6. They live in the ocean. - උන් ජීවත්වෙන්නේ සාගරයේ.
  7. You two have better results this time. - ඔය දෙන්නට තියෙනවා වඩා හොඳ ප්‍රතිඵල මේ පාර.
  8. You both are fluent in English. - ඔය දෙන්නම චතුරයි ඉංග්‍රීසි වලින්.
  9. You all have similar challenges. - ඔයාලා ඔක්කොටම තියෙන්නේ සමාන අභියෝග.
  10. You guys are disturbing me. - ඔයාලා මට බාධාකරමින් ඉන්නේ.
  11. My parents work hard in their jobs. - මගේ දෙමාපියන් මහන්සියෙන් වැඩකරනවා ඔවුන්ගේ රැකියා වල.
  12. Nimal and Saman study at the same school. - නිමළුයි සමනුයි ඉගෙනගන්නේ එකම ඉස්කෝලේ.
  13. Two of them play football. - ඔවුන්ගෙන් දෙන්නෙක් ෆුට්බෝල් ගහනවා.
  14. The principal or the teachers want us to do this. - විදුහල්පති තුමාට හරි ගුරුවරුන්ට හරි ඕනි අපි ඒක කරන්න.
  15. How many people use public transport? - කීදෙනෙක් පාවිච්චිකරනවද පොදු ප්‍රවාහනය?
  16. How many of you want to learn English? - ඔයාලගෙන් කීදෙනෙක්ට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනිද?
  17. My family go out at the weekend. - මගේ පවුලේ අය එළියට යනවා සති අන්තයේදී.
  18. The police protect civilians from crime. - පොලීසිය ආරක්ෂාකරනවා සිවිල් ජනතාව අපරාධ වලින්.
  19. The army are searching the town. - හමුදාව නගරය සෝදිසිකරමින් ඉන්නවා.


Golden Note 3 :    SINGULAR SUBJECTS

  1. He - ඔහු
  2. She - ඇය
  3. It - ඌ/ඒක
  4. Saman - සමන්
  5. The teacher - ගුරුවරයා
  6. Someone - යම්කෙනෙක්
  7. No one - කිසිවෙක් නෑ
  8. Anyone - ඕනිකෙනෙක්
  9. Everyone - හැමෝම / හැමකෙනෙක්ම
  10. Every student - සෑම සිසුවෙක්ම
  11. Each candidate - එක් එක් අපේක්ෂකයා
  12. One of them - ඔවුන්ගෙන් එක්කෙනෙක්
  13. None of them - ඔවුන්ගෙන් කවුරුවත් නෑ
  14. Who - කවුද / කවුරුන්ද
  15. What - මොකක්ද / මොනවද
  16. Water - වතුර
  17. Too much freedom - ඕනෑවට වඩා නිදහස
  18. Information - තොරතුරු
  19. Reading books - පොත් කියවීම
  20. To help people - මිනිස්සුන්ට උදවුකරන එක
  21. Bread and butter - පානුයි බටරුයි
  22. Rice and curry - බතුයි මාළුවයි
  23. Curd and treacle - මීකිරියි කිතුල් පැණියි
  24. My parents or my brother - මගේ දෙමාපියන් හරි මගේ සහෝදරයා හරි


Example Sentences

  1. He needs medical treatment. - ඔහුට අවශ්‍යයි වෛද්‍ය ප්‍රතිකාර.
  2. She spends time watching TV. - ඇය කාලය ගතකරනවා ටීවී බලබල.
  3. It happens every four years. - ඒක සිදුවෙනවා අවුරුදු හතරකට සැරයක්.
  4. Saman wants me to stay with him. - සමන්ට ඕනි මම එයත් එක්ක ඉන්න.
  5. The teacher tries his best to teach us this subject. - ගුරුවරයා ඔහුගේ උපරිමයෙන් උත්සහාකරනවා අපට මේ විෂය උගන්වන්න.
  6. Someone wants to talk to you. - යම්කෙනෙක්ට ඕනි ඔයත් එක්ක කථාකරන්න.
  7. No one agrees with my idea. - කවුරුත් එකඟ නෑ මගේ අදහසට.
  8. Anyone is free to ask questions. - ඕනි කෙනෙක්ට නිදහස තියෙනවා ප්‍රශ්න අහන්න.
  9. Everyone is against this decision. - හැමෝක විරුද්ධයි මේ තීරණයට.
  10. Every student has a duty. - සෑම සිසුවෙක්ටම තියෙනවා රාජකාරියක්.
  11. Each stage costs 25000 rupees. - එක් එක් අදියර රුපියල් 25000 ක් මිළවෙනවා.
  12. One of them is here to help me. - ඔවුන්ගෙන් එක්කෙනෙක් ඉන්නවා මෙතන මට උදවුකරන්න.
  13. None of my friends lives in my neighbourhood. - මගේ යාළුවන්ගෙන් කවුරුවත් මගේ අහලපහල ජීවත්වෙන්නේ නෑ.
  14. Who knows how to operate this machine? - කවුද දන්නේ මේ මැෂින් එක ක්‍රියාකරවන්නේ කොහොමද කියලා.
  15. What makes you happiest? - මොකක්ද ඔයාව වඩාත්ම සතුටුකරවන්නේ?
  16. Water helps every living being in different ways. - වතුර උදවුකරනවා සෑම ජීවියෙක්ටම වෙනස් විධි වලට.
  17. Too much freedom causes problems. - ඕනෑවට වඩා නිදහස ගැටළු ඇතිකරනවා.
  18. Information is important in education. - තොරතුරු වැදගත් අධ්‍යාපනයේදී.
  19. Reading books keeps me busy. - පොත් කියවීම මාව කාර්යබහුලව තබාගන්නවා.
  20. To help people satisfies me. - මිනිස්සුන්ට උදවුකරන එක මාව තෘප්තිමත් කරනවා.
  21. Bread and butter is a popular snack around the world. - පානුයි බටරුයි කියන්නේ ජනප්‍රිය කෙටි කෑමක් ලෝකය පුරාම.
  22. Rice and curry is the staple diet in Sri Lanka. - බතුයි මාළුවයි තමයි ලංකාවේ ප්‍රධාන අහාරය.
  23. Curd and treacle tastes great. - මීකිරියි කිතුල් පැණියි මාර රසයි.
  24. My parents or my brother is home. - මගේ දෙමාපියන් හරි මගේ සහෝදරයා හරි ගෙදර ඉන්නවා.


Golden Note 4 :     Time - 1

  1. කීයටද - what time
  2. හතරයි තිහට - at 4.30
  3. හතරයි තිහට විතර - about 4.30 / around 4.30
  4. හරියටම හතරයි තිහට - exactly at 4.30
  5. හතරයි තිහට කලින් - before 4.30
  6. හතරයි තිහට පස්සේ - after 4.30
  7. හතරයි තිහ වෙනකං - until 4.30 / till 4.30


Golden Note 5 :     Duration

  1. කොච්චර වෙලාවක්ද - how long
  2. හතරයි තිහේ ඉඳන් පහයි කාල වෙනකං - from 4.30 to 5.15
  3. විනාඩි 45 ක් තිස්සේ - for 45 minutes


Golden Note 6 :     Frequency

  1. කොච්චර නිතරනිතරද / කොච්චර කාලෙකට සැරයක්ද - how often
  2. හැමවෙලේම - always
  3. පුරුදුපරිදි - usually
  4. නිතර - often / regularly / frequently
  5. ගොඩක් නිතර නෙවෙයි - not very often
  6. සමහර අවස්ථාවල - sometimes
  7. ඉඳලා හිටලා - occasionally / once in a while
  8. කලාතුරකින් - rarely / once in a blue moon
  9. නෑම වගේ - hardly
  10. කවදාවත් නෑ - never / hardly ever
  11. හැමදාම - every day
  12. හැමදාම උදේට - every morning
  13. හැම සඳුදාම - every Monday
  14. හැම සඳුදාම උදේ - every Monday morning
  15. හැම සති අන්තයකදීම - every weekend
  16. දවසකට සැරයක් - once a day
  17. පැයකට දෙසැරයක් - twice an hour
  18. මාසෙකට තුන් සැරයක් විතර - about three times a month
  19. සති දෙකකට සැරයක් - every two weeks
  20. දවසක් හැර දවසක් - every other day / every second day


Golden Note 7 :     Time - 2

  1. කවද්ද / කොයි වෙලාවටද - when
  2. උදේ - in the morning
  3. පස්වරුවේ - in the afternoon
  4. සන්ධ්‍යාවේ - in the evening
  5. සතියේ දින වල - in the week / during the week
  6. මගේ විවේක කාලයේදී - in my free time / during my free time
  7. මහ දවල් - in the middle of the day
  8. මහ රෑ - in the middle of the night
  9. හිමිදිරියේ - at dawn
  10. මධ්‍යාහ්නයේ - at noon / at midday
  11. ගොම්මන් වෙලාවේ - at dusk
  12. රෑට - at night
  13. මධ්‍යම රාත්‍රියේ - at midnight
  14. සති අන්තයේදී - at the weekend
  15. සති අන්ත වලදී - at weekends
  16. සතිය මුලදී - at the beginning of the week
  17. අවුරුද්ද අගදී - at the end of the year
  18. සඳුදා - on Monday
  19. සඳුදා උදේ - on Monday morning
  20. මාර්තු 10 වෙනිදා - on 10th March


Golden Note 8 :     Time - 3

  1. ඔයා ඔයාගේ ගේ දොර වැඩ කරන කොට - when you do your housework
  2. ඔයාට පාළු දැනෙන විට - when you feel lonely
  3. ඔයා මහන්සියෙන් වැඩකරන වෙලාවට - when you work hard
  4. ඔයා අවදි වුනහම - when you wake up
  5. ඔයා ඇඳේ වැතිර ඉන්න අතරේ - as you lie in bed
  6. ඔයා උදේ කෑම හදන අතරතුර - while you make breakfast
  7. ඔයා ඇඳෙන් බැස්ස ගමන්ම - as soon as you get out of bed / once you get out of bed
  8. ඔයා ගෙදරට එන වෙලාව වෙන කොට - by the time you get home
  9. ඔයා ගෙදරින් පිටත්වෙන්න කලින් - before you leave home
  10. ඔයා උදේ කෑම ගත්තට පස්සේ - after you have breakfast
  11. ඔයා වැඩට යන තෙක් - until you get to work / till you get to work
  12. ඔයා වැඩ ඉවරකරන තුරු - until you finish work / till you finish work
  13. ඔයා මට ෆෝන් කරන කං - until you phone me / till you phone me


Golden Note 9 :     Time - 4

  1. ගේ පිරිසිදු කරන කොට - when cleaning the house
  2. ගුවන්විදුලියට සවන්දෙන අතරතුරේ - while listening to the radio
  3. බාත්රූම් එකට යන්න කලින් - before going to the bathroom
  4. වොෂ් එකක් දාගත්තට පස්සේ - after having a wash
  5. මම එනකං බලාඉඳීම වෙනුවෙන් - for waiting for me
  6. ඉංග්‍රීසි ඉගෙනීම ගැන - about learning English
  7. ආකෘතිය වෙනස් නොකර - without changing the format
  8. පාටියක් දානවාට අමතරව - in addition to having a party
  9. ට්රිප් එකක් යනවා වෙනුවට - instead of going on a trip
  10. තාත්තගෙන් අහනවා ඇරෙන්න - except asking father
  11. පළමු තරඟය පැරදීමේ ප්‍රතිඵලයක් ලෙස - as a result of losing the first match
  12. ඉංග්‍රීසි කථාකිරීමේ අදහස ඇතිව - with the idea of speaking English


Golden Note 10 :     Sequence

  1. ඔක්කොටම කලින් - first of all
  2. මුලින්ම - first / firstly
  3. දෙවනුව - second / secondly
  4. තුන්වනුව - thirdly
  5. ඊලඟට - next / then
  6. පසුව - later
  7. ඊට පස්සේ - after that / thereafter
  8. අන්තිමේදී - in the end / at last / finally

Golden Note 11 :      Irregular Non-count Nouns
  1. ගෘහභාණ්ඩ - furniture
  2. තොරතුරු - information
  3. වැඩ - work
  4. ගෙදර වැඩ - homework
  5. ගේදොර වැඩ - housework
  6. අවවාද - advice
  7. ප්‍රවෘත්ති - news
  8. ගමන්මළු - baggage
  9. ගමන්මළු - luggage
  10. ලිපිද්‍රව්‍ය - stationery
  11. ආභරණ - jewellery
  12. උපකරණ - equipment
  13. යන්ත්‍රසූත්‍ර - machinery
  14. දේවල් - stuff
  15. දත්ත - data
  16. රථවාහන - traffic
  17. ඉඳුම්හිටුම් - accommodation

Golden Note 12 :      Plural Nouns

  1. කොට කලිසම - shorts
  2. දිග කලිසම - trousers
  3. දිග කලිසම - pants
  4. ජීන් එක - jeans
  5. පිජාමා එක - pyjamas
  6. ඇස්කණ්නාඩිය - glasses
  7. ගොග්ල් එක - goggles
  8. අවු කණ්නාඩිය - sunglasses
  9. කතුර - scissors
  10. අඬුව - pliers
  11. ඩැහිඅඬුව - pincers
  12. විශාල කතුර - shears
  13. පඩි පෙළ - stairs
  14. තරාදිය - scales

Golden Note 13 :     Verb + to + Noun

  1. අර කොල්ලා එක්ක කථාකරනවා - talk to that boy
  2. ගුරුවරයා එක්ක කථාකරනවා - speak to the teacher
  3. ඔහුගේ කථාවට ඇහුන්කන් දෙනවා - listen to his story
  4. ඔයාගේ දෙමාපියන්ට ලියනවා - write to your parents
  5. මගේ ලියුමට පිලිතුරු දෙනවා - reply to my letter
  6. මගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වනවා - respond to my request
  7. කළමණාකරුට පැමිණිලිකරනවා - complain to the manager
  8. ගණුදෙනුකරුවාගෙන් සමාවගන්නවා - apologize to the customer
  9. පන්තියට විස්තරකරනවා - describe to the class
  10. සිසුවාට පැහැදිලිකරනවා - explain to the student

Golden Note 14 :     ADVERB + ADVERB

  1. පොඩි වැඩි - too small
  2. ඕනෑවට වඩා කාර්යබහුල - too busy
  3. ඇතිතරම් උස - tall enough
  4. ඇතිතරම් ලොකු - big enough
  5. අතිශ්‍යයින්ම බඩගිනි - extremely hungry
  6. අතිශ්‍යයින්ම සරල - extremely simple
  7. ඉතාමත්ම කිලිටි - absolutely dirty / terribly dirty / awfully dirty  
  8. ඉතා පැහැදිලි - so clear / very clear / really clear / pretty clear
  9. ගොඩක් පැහැදිලි - so clear / very clear / really clear / pretty clear
  10. තරමක් මිලඅධික - rather expensive 
  11. තරමක් සාධාරණ - fairly reasonable
  12. තරමක් උකු - somewhat thick
  13. ටිකක් නිදිමත -  a bit sleepy / a little sleepy / a little bit sleepy
  14. පැහැදිලිවම අහිතකර - clearly harmful

Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS