GETTING TO KNOW SOMEONE
1.
ඔයාට කොහොමද අද? – How are you today?
2. ඔයාගේ දවස කොහොම උනාද? – How was your day?
3.
ඔයා මෙහෙට අලුත්ද? – Are you new here?
4. මේ ඔයාගේ පළවෙනි වතාවද මෙහෙ? – Is this your first
time here?
5.
ඔයා මොකද කරන්නේ මෙහේ රත්නපුරේ? – What are you doing
here in Ratnapura?
6.
අද කාලගුණය මොන වගේද? – What’s the weather
like today?
7.
ඊයේ කාලගුණය මොන වගේ උනාද? – What was the weather
like yesterday?
8.
හෙට කාලගුණය මොන වගේ වේවිද? – What will the weather
be like tomorrow?
9.
අපි කලින් හමුවෙලා තියෙනවද? – Have we met before?
10.
ඔයා හිතන්නේ අපි කලින් හමුවෙලා තියෙනවා කියලද? – Do you think we have
met before?
11.
අපි කවද්ද මුලින්ම හමුවුනේ? – When did you first
meet?
12.
ඔයා ....? (නම) – You’re Mr …..? / You’re
Ms …..?
13.
ඔයාගේ නම? – Your name please?
14.
මොකක්ද ඔයගේ නම? – What’s your name?
15.
මම ඔයාට සමන් කියලා කථාකරන්නද නැත්නම් කුමාර කියලා කථාකරන්නද? – Shall I / Can I call
you Saman or Kumara?
16.
මම ඔයාට මොකක් කියලා කථා කරන්නද? – What shall I call
you? / What can I call you?
17.
ඔයාට මම කුමාර කියලා කථාකලාට කමක් නැද්ද? – Is it alright I call
you Kumara?
18.
මොකක්ද ඔයාගේ සම්පූරණ නම? – What’s your full
name?
19.
මොකක්ද ඔයාගේ මුලකුරු එක්ක නම? – What’s your name with
initials?
20.
මොනවද ඔයාගේ මුකරු? – What are your
initials?
21.
ජී.ඒ. තියෙන්නේ මොකටද? – What does GA stand
for?
22.
ඔයාගේ නමේ තේරුම මොකක්ද? – What’s the meaning of
your name?
23.
ඔයාගේ නමට තේරුමක් තියෙනවද? – Does your name have a
meaning?
24.
කවුද ඔයාව සමන් කුමාර කියලා නම් කලේ? – Who named you Saman
Kumara?
25.
කවුද ඔයාට සමන් කුමාර කියලා නම තිබ්බේ? – Who named you Saman
Kumara?
26.
ඔයාගේ සංස්කෘතියේදී කොහොමද දෙමාපියන් තමන්ගේ දරුවන්ට නම් තියන්නේ? – In your culture, how
do parents name their children?
27.
ඔයාට තියෙනවද කවට නමක් හරි සුරතල් නමක් හරි? – Do you have / Have
you got a nickname or a pet name?
28.
ඔයාගේ යාළුවෝ ඔයාට මොකක් කියලද කථාකරන්නේ? – What do your friends call
you?
29.
ඔයාට කොහොමද දැනෙන්නේ එයාලා ඔයාට ඒක කියලා කථාකරන කොට? – How do you feel when
they call you that?
30.
ඔයා කැමතිද ඔයාගේ නමට? ඇයි කැමති? ඇයි කැමති නැත්තේ? – Do you like your
name? / Why? / Why not?
31. ඔයා ටීනේජර් කෙනෙක්ද? – Are you a teenager?
32.
ඔයා ඔයාගේ විසි ගණන් වලද? – Are you in your
twenties?
33.
ඔයාට කොච්චර වයසද? – How old are you?
34.
මට කොච්චර වයස වගේද පේන්නේ? – How old do I look?
35.
මම වයසයි වගේද පේන්නෙ? – Do I look older (than
I am)?
36.
මම ලාබාලයි වගේද පේන්නේ? – Do I look younger (than
I am)?
37.
ඔයා හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලද? – Do you think age is
just a number?
38.
ඔයා දැන් ඉන්න වයස ගැන සතුටුද? – Are you happy about the
age you’re now?
39.
කවද්ද ඔයා ඉපදුනේ? – When were you born?
40.
කොහෙද ඔයා ඉපදුනේ? – Where were you born?
41.
කවද්ද ඔයාගේ උපන්දිනේ? – When’s your birthday?
43.
කොහොමද ඔයා ඔයාගේ උපන්දිනේ සමරන්නේ? – How do you celebrate
your birthday?
44.
ඔයා පාටියක් දානවද ඔයාගේ උපන්දිනේ සමරන්න? – Do you have a party
to celebrate your birthday?
45.
මොකක්ද ඔයාගේ ලග්නය? – What’s your horoscope
sign?
46.
ඔයා කේන්දරය විශ්වාසකරනවද? – Do you believe in the
horoscope?
47.
කොහෙද ඔයා හැදී වැඩුනේ? – Where did you grow
up?
48.
කවුද ඔයාව හදාවඩා ගත්තේ? – Who brought you up?
49.
මට කියන්න ඔයාගේ ලමා කාලය ගැන යමක්? – Tell me something
about your childhood?
50.
ඔයා ළමයෙක් කාලෙට වඩා ඔයා දැන් සතුටින්ද ඉන්නේ? – Are you happier now
than you were a child?
51.
ඔයා කොහෙන්ද? – Where are you from?
52.
ඔයා .....? (කොහෙන්ද) – You’re from ….?
53.
ඔයා කොහෙද ජීවත්වෙන්නේ? – Where do you live?
54.
ඔයා එන්නේ කොහෙන්ද? – Where do you come
from?
55.
ඇලපාත තියෙන්නේ කොහෙද? – Where is Elapatha?
56.
ඇලපාත පිහිටා තියෙන්නේ කොහෙද? – Where is Elapatha situated?
/ Where is Elapatha located?
57.
කොච්චර දුරද ඔයාගේ ගමට රත්නපුර නගරයේ ඉඳන්? – How far is it to your
village from the Ratnapura ttown?
58.
ඔයා කොහෙද ජීවත්වෙන්නේ රත්නපුරේ? – Where do you live in
Ratnapura?
59.
රත්නපුර කොයි හරියේද ඔයා ජීවත්වෙන්නේ? – Whereabouts in
Ratnapura do you live?
60.
පන්සලක් තියෙනවද ඔයාගේ ගමේ? – Is there a temple in
your village?
61.
ඔයාලට පන්සලක් තියෙනවද ඔයාලගේ ගමේ? – Do you have a temple
in your village?
62.
වන සතුන් ඉන්නවද ඔයාගේ ප්‍රදේශයේ? – Are there wild
animals in your area?
63.
ඔයාලට ඉන්නවද වන සතුන් ඔයාලගේ ගමේ? – Do you have wild
animals in your area?
64.
ඔයාගේ ප්‍රදේශය ප්‍රසිද්ධ මොනවටද? – What’s your area
famous for? / What’s your area known for?
65.
මොනවද ඔයාගේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු කරන්නේ ජීවත්වෙන්න? – What do the people in
your area do for a living? / What do the people in your area do to make a
living?
66.
ඔයා එන්නේ ගමකින්ද නැත්නම් නගරයකින්ද? – Do you come from a village
or a town?
67.
ඔයා ජීවත්වෙන්නේ ගෙයකද නැත්නම් තට්ටු නිවාසයකද? – Do you live in a
house or a flat / an partment?
68.
ඔයාගේ ගේ තනි තට්ටුවද? – Is your house
single-storey?
69.
ඔයාට තියෙන්නේ වෙන්ව තියෙන ගෙයක්ද? – Do you have a
detached house?
70.
ඔයාගේ ගෙට ගාඩ්න් එකක් තියෙනවද? – Does your house have a
garden? / Has your house got a garden?
71.
ඔයාගේ අහල පහල මොන වගේද? – What’s your
neighbourhood like?
72.
ඔයාට තියෙනවද වෙනම කාමරයක් ඔයාගේ ගෙදර? – Do you have a separate
room in your house? / Have you got a separate room in your house?
73.
ඒකට ෆෑන් එකක් තියෙනවද ඒක ඇතුලේ? – Does it have a fan inside
it? / Has it got a fan inside it?
74.
ඇඳක් තියෙනවද ඒක ඇතුලේ? – Is there a bed in it?
75.
ඔයාට පුලුවන්ද ඒක මට විස්තර කරන්න? – Can you describe it
to me?
76.
කොහොමද ඔයා ඒක පිරිසිදුව හා පිලිවෙලට තියාගන්නේ? – How do you keep it
clean and tidy?
77.
කවුද ඒක පිරිසිදු කරන්නේ? – Who cleans it?
78.
ඔයා මොකද කරන්නේ ඒක ලස්සන කරන්න? – What do you do to
make it beautiful?
79.
ඔයාගේ ගේ නූතන ගෙයක්ද නැත්නම් පරණ තාලේ එකක් ද? – Is your house a modern
one or an old-fashioned one?
80.
ඔයාගේ ගේ කොච්චර පරණද? – How old is your
house?
81.
කවුද ඔයාගේ ගේ හැදුවේ? කොච්චර කාලෙකට කලින්ද? – Who built your house?
How long ago?
82.
මොකටද ඔයා ඉංග්‍රීසි ඉගෙනගන්නේ? – What do you learn
English for?
83.
ඔයා සතුටු වෙනවද ඉංග්‍රීසි ඉගෙනීමෙන්? – Do you enjoy learning
English for?
84.
ඔයාට මොකද හිතෙන්නේ ඉංග්‍රීසි ඉගෙනීම ගැන? – How do you feel about
learning English?
85.
ඔයා මොකද කරන්නේ ඔයාගේ ඉංග්‍රීසි දියුණුකර ගැනීමට? – What do you do to
improve your English?
86.
ඔයා හිතන්නේ ඉංග්‍රීසි කථාකරන්න පුළුවන් වෙන එක වැදගත් කියලද? – Do you think it is
important to be able to speak English?
87.
කොහෙද ඔයා ඉගෙනගත්තේ? – Where did you study?
88.
කවද්ද ඔයා වාඩිවුනේ ඔයාගේ සා.පෙළ විභාගයට? – When did you sit your
O/L exam?
89.
මොනවද ඔයාගේ ප්‍රතිඵල උනේ ඔයාගේ සා.පෙළ විභාගයේදී? – What were your
results in your O/L exam?
90.
ඔයාට තිබුනද A පාස් එකක් ඉංග්‍රීසි වලට ඔයාගේ සා.පෙළ විභාගයේදී? – Did you have an A
pass for English in your O/L exam?
91.
මොන විෂයන්ද ඔයා කලේ උසස් පෙළදී? – What subjects did you
do at you’re A/L?
92.
ඔයාට පුළුවන්ද ඒ ඔක්කොම පාස්වෙන්න? – Were you able to pass
them all? / Did you manage to pass them all? / Did you succeed in passing them
all?
93.
ඔයාට තියෙනවද මොනවහරි උසස් පෙළින් එහා වෘත්තීමය හෝ අධ්‍යයන සුදුකම්? – Do you have / Have
you got any professional or academic qualifications beyond A/L?
94.
ඔයා මොනවහරි විෂය බාහිර ක්‍රියාකාරකම් වලට සාභාගීවුනාද ඔයා ඉස්කෝලේ හිටපු කාලේ? – Did you participate
in any extra-curricular activities when you were at school?
95.
කවද්ද ඔයා ඉස්කෝලෙන් අස්වුනේ? – When did you leave
school?
96.
ඔයාට කොහොමද දැනුනේ ඔයා ඉස්කෝලෙන් අස්වුනහම? – How did you feel when
you left school?
97.
ඔයා මොකක්ද කලේ ඔයා ඉස්කෝලෙන් අස්වුනු ගමන්ම? – What did you do as
soon as you left school?
98.
ඔයාට මොකද හිතෙන්නේ ලාංකීය අධ්‍යාපන ක්‍රමය ගැන? – How do you feel about
/ What do you think of / What’s your opinion of the Sri Lankan education
system?
99.
ඔයාගේ අදහසට අනුව මොනවද ඒකේ දියුණු විය යුතු පැති? – According to your
idea / In your point of view, what are its areas of development?
100.
ලාංකීය අධ්‍යාපන ක්‍රමයේ ශක්තිමත් පැතිකඩ මොනවාද? – What are the strong
aspects of the education system in Sri Lanka?

Comments
Post a Comment