SPEAKING PRACTICE

PACK - 01


1. ඔයාගෙ නම මොකක්ද? - What's your name?

2. ඔයා කොහොමද ඒකේ අකුරු කියන්නේ? - How do you spell it?

3. ඔයාගේ නමේ තේරුම මොකක්ද? - What does your name mean?

4. ඔයාට සුරතල් නමක් තියෙනවද? - Do you have a pet name?

5. ඔයාගේ යාළුවෝ ඔයාට මොකක් කියලද කථාකරන්නේ? - What do your friends call you?

6. ඔයා ජීවත්වෙන්නේ නගරයකද? - Do you live in a town?

7. ඔයා ඉපදුනේ ගමකද නගරයකද? - Were you born in a village or a town?

8. ඔයා එන්නේ පොඩි පවුලකින්ද? - Do you come from a small family?

9. ඔයාගේ පවුලේ කීදෙනෙක් ඉන්නවද? - How many people are in your family?

10. කීයටද ඔයා සාමාන්‍යයෙන් අවදි වෙන්නේ? - What time do you usually wake up?

11. ඔයා උදේ අවදිවෙලා වැඩකරන කෙනෙක්ද? - Are you a morning person?

12. කොච්චර නිතර නිතරද ඔයා එළියට යන්නේ? - How often do you go out?

13. ඔයා මස් කනවද? - Do you eat meat?

14. ඔයා මොකද කරන්නේ සාමාන්‍ය දවසක? - What do you do on a normal day?

15. ඔයා කොහොමද ගතකරන්නේ ඔයාගේ සති අන්තය? - How do you spend your weekend?

16. ඔයාට මොකද හිතෙන්නේ ඉංග්‍රීසි ඉගෙනීම ගැන? - How do you feel about learning English?

17. කවුද ඔයාගේ ප්‍රියතම කෙනා ඔයාගේ පවුලේ? - Who is your favourite in your family?

18. ඔයාට ඉන්නේ යාළුවෝ ගොඩක්ද නැත්නම් යාළුවෝ ට්ක දෙනෙක් විතරද? - Do you have a lot of friends or just a few friends?

19. ඔයාට මොකද හිතෙන්නේ යාළුවන් ඉඳීම ගැන? - How do you feel about having friends?

20. ඔයා මොනවහරි ක්‍රීඩා කරනවද? - Do you play any sport?

21. ඔයා කැමතිද ගේදොරවැඩ කරන්න? - Do you like doing housework?

22. මොන දේවල්ද ඔයාට වැදගත්? - What things are important to you?

23. ඔයා ජීවත්වෙන දිහාව ගැන හොඳම දේ මොකක්ද? - What's the best thing about where you live?

24. ඔයා උයනවද? - Do you cook?

25. ඔයාට මොකක්හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන්ද? - Can you play any musical instrument?

Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS