Everyday Actions

 


Everyday Actions

1.     අවදිවෙන්න. – Wake up.

2.     තාත්තව අවදිකරවන්න. – Wake up father.

3.     ඔහුව අවදිකරවන්න. – Wake him up.

4.     නැගිටින්න. – Get up.

5.     ඔයාගෙ ඇස් අරින්න. – Open up your eyes.

6.     ඇඳේ වැතිරී ඉන්න. – Lie in bed.

7.     හැමෝටම බොරු කියන්න ඔයාගේ ලකුණු ගැන. – Lie to everyone about your marks.

8.     ඇඳෙන් බහින්න. – Get out of bed.

9.     ඇඳට වෙලා ඉන්න. – Stay in bed.

10. ඔයාගේ ෆෝන් එක හොයන්න. – Look for your phone.

11. මගේ බෑග් එක බලාගන්න. – Look after my bag.

12. එලාම් එක ඔෆ් කරන්න. – Turn off the alarm clock.

13. ලයිට් එක දාන්න. – Turn on the light.

14. ෆෑන් එක වැඩිකරන්න. – Turn up the fan.

15. රේඩියෝ එක අඩුකරන්න. – Turn down the radio.

16. චාජරය ගහන්න. – Plug in the charger.

17. හීටරය ගලවන්න. – Unplug the heater.

18. ලයිට් එක දාලා තියන්න. – Leave the light on.

19. සැහැල්ලු ඇඳුම් අඳින්න. – Wear casual clothes.

20. ඔරලෝසුවක් පළඳින්න. – Wear a watch.

21. ඇඳුම් ඇඳගන්න. – Get dressed.

22. ඇඳුම් ගලවන්න. – Get undressed.

23. කමිසයක් ඇඳගන්න. – Put on a shirt.

24. ඔයාගේ සපත්තු ගලවන්න. – Take off your shoes.

25. ඇඳ හදන්න. – Make the bed.

26. මේසේ අස්කරන්න. – Tidy up the table.

27. කුස්සිය හැඩිකරන්න. – Mess up the kitchen

28. කාමරය පිරිසිදුකරන්න. – Clean the room.

29. බිම අතුගාන්න. – Sweep the floor.

30. කබඩ් එක සුද්දකරලා දාන්න. – Clear out the cupboard.

31. මේ පිඟාන සෝදන්න. – Wash this plate.

32. පිඟන් කෝප්ප සෝදන්න. – Do the washing up. / Do the diches.

33. රෙදි සෝදන්න. – Do the washing. / Do the laundry.

34. මේ කමිසය මදින්න. – Iron this shirt.

35. මට මේ කමිසය මැදලා දෙන්න. – Iron this shirt for me.

36. මේ බ්ලවුස් එක මිරිකන්න එපා. – Don’t wring out this blouse.

37. ඔයාගේ කොණ්ඩය පීරන්න. – Comb your hair. / Brush your hair.

38. මගේ සපත්තු මදින්න. – Polish your shoes.

39. මකුළු දැල් ටික කඩලා දාන්න. – Remove the cobwebs.

40. මේ පැල්ලම් ටික යවන්න. – Remove these stains.

41. ගෘහභාණ්ඩ ටිකේ දූවිලි ගසන්න. – Dust the furniture.

42. කාමරය පිරිසිදුව හා පිළිවෙලට තියාගන්න. – Keep the room clean and tidy.

43. පරිගණය ඔන් කරලා තියාගන්න. – Keep the computer turned on.

44. ඔයාගේ මැසේජ් චෙක්කරන්න. – Check your messages.

45. කුස්සියට යන්න. – Go to the kitchen.

46. සාලයට එන්න. – Come to the living room.

47. ඔයාගේ කාමරයට ආපසු එන්න. – Come back to your room. / Return to your room.

48. අත පය සෝදාගන්න. – Have a wash.

49. ෂව එකක් දාගන්න. – Have a shower.

50. නාගන්න. – Have a bath.

51. ඔයාගේ කොණ්ඩය හෝදන්න. – Wash your hair.

52. ඔයාගේ දත් මදින්න. – Brush your teeth.

53. ඔයාගේ දත් පිරිසිදු කරන්න. - Clean your teeth.

54. රැවුල කපාගන්න. – Shave. / Have a shave.

55. ඔයාගේ යටි රැවුල කෙටිකරන්න. – Trim your beard.

56. ඔයාගේ මේකප් එක දාගන්න. – Put on your make up.

57. සබන් ටිකක් ගාන්න. – Apply some soap.

58. ඔයාගේ ඇඟ පිහදාගන්න. – Dry yourself.

59. කුඩය ඉහලන්න. – Spread the umbrella.

60. කුඩය අකුලන්න. – Fold the umbrella.

61. බෙඩ් ෂීට් එක දාන්න. – Put the bedsheet on.

62. උදේ කෑම හදන්න. – Make breakfast.

63. තේ ටිකක් පිළියෙල කරන්න. – Prepare some tea.

64. උදේ කෑම කන්න. – Have breakfast.

65. උදේ කෑමට ඉඳිආප්ප කන්න. – Have string hoppers for breakfast.

66. ටීවී බලන්න. – Watch TV.

67. ටීවී එක එහාට කරන්න. – Move the TV.

68. ටීවී එකේ ෆිල්ම් එකක් බලන්න. – Watch a film on TV.

69. රේඩියෝ එක අහන්න. – Listen to the radio.

70. රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහන්න. – Listen to the news on the radio.

71. සිංදු ටිකක් රසවිඳින්න. – Enjoy some music.

72. සිංදු ටිකක් වාදනය කරන්න. – Play some music.

73. උදේ කෑම ඉවරකරන්න. – Finish breakfast.

74. මල් ටිකක් කඩන්න. – Pick some flowers.

75. වතුර ටිකක් ඉහින්න. – Sprinkle some water.

76. පහන පත්තුකරන්න. – Light the lamp.

77. ඉටිපන්දම නිවන්න. – Blow out the candle.

78. හඳුන්කූරු ටිකක් පත්තුකරන්න. – Burn some incense sticks.

79. මල් පූජාකරන්න. – Offer flowers.

80. බුදුන්ට වඳින්න. – Worship Lord Buddha.

81. තෙරුවන් සරණ යන්න. – Pay homage to the Triple Gem.

82. ආගමික වතාවත් කරන්න. – Do religious observances.

83. පන්සිල් සමාදන් වෙන්න. – Observe the five precepts.

84.  ඔයාගේ යාළුවාට ෆෝන් කරන්න. – Phone your friend. / Ring your friend. / Call your friend.

85. දුරකථන ඇමතුමක් ගන්න. – Make a phone call.

86. ගෙදරින් පිටත්වෙන්න. – Leave home.

87. වැඩට පිටත්වෙන්න. – Leave for work.

88. ඔයාගේ දෙමාපියන්ට වඳින්න. – Bow your parents.

89. ඔයාගේ යාළුවා එනකං ඉන්න. – Wait for your friend.

90. කවුරුහරි දොර අරිනකං ඉන්න. – Wait for someone to open the door.

91. බස් නැවතුමට පයින් යන්න. – Walk to the bus stop.

92. වැඩට යන්න. – Go to work.

93. වැඩට වාහනයෙන් යන්න. – Drive to work.

94. වැඩට පයින් යන්න. – Walk to work.

95. වැඩට සයිකලෙන් යන්න. – Cycle to work.

96. වැඩට යාගන්න. – Get to work.

97. ඔයාගේ බිරිඳව වාහනයෙන් වැඩට එක්ක යන්න. – Drive your wife to work.

98. ඔහුට ලිෆ්ට් එකක් දෙන්න ඔයාගේ කාර් එකෙන්. – Give him a lift in your car.

99. පොඩි අයව ඉස්කෝලෙට එක්ක යන්න. – Take the kids to school.

100.        පොඩි අයව ඉස්කෝලෙන් ගන්න. – Pick up the kids from school.

101.        බස් එක අල්ලාගන්න. – Catch the bus.

102.        ව්‍යායාම ටිකක් කරන්න. – Do some exercise.

103.        ඔයාගේ මේසෙන් වාඩිවෙන්න. – Sit at your table.

104.        ඔයාගේ පරිගණකයේ වැඩකරන්න. – Work at your computer.

105.        ඔයාගේ මේසෙන් නැගිටින්න. – Stand up from your table.

106.        කියවීම ටිකක් කරන්න. – Do some reading.

107.        ඔයාගේ බෑග් එක පැක්කරගන්න. – Pack your bag.

108.        වැඩට යන්න සූදානම් වෙන්න. – Get ready for work.

109.        ඔයාගේ පොඩි අයව ඉස්කෝලෙ යන්න සූදානම්කරන්න. – Get your kids ready for school.

110.        පොඩි අයට ඇඳුම් අන්දන්න. – Dress the kids.

Comments

Popular posts from this blog

FINAL MONTH - WEEK 1

GETTING TO KNOW SOMEONE

FOR ABSOLUTE BEGINNERS